header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෞද්ගලික දිනපොතකින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
ස්වර්ගස්ථ  ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෞද්ගලික දිනපොතකින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
Mobitel 1278

ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තම ජීවිත කාලය තුළ අවස්ථා තුනකදී යක්ෂයා දුටු බවත්, එක් අවස්ථාවක නිරයේ දොරටු දුටු බවත් සිය පෞද්ගලික දිනපොතේ සටහන් කර තිබේ.

උන්වහන්සේගේ ජීවිතයේ මෙතෙක් ලොවට හෙළි නොවූ පෞද්ගලික හා ආධ්‍යාත්මික අත්දැකීම් රැසක් ඇතුළත් එම දිනපොත, The Private Diary of Pope Francis නමැති කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

1992 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය පෞද්ගලික දිනපොතේ ලියා තැබූ සටහන් ඇතුළත් මෙම කෘතිය, කාදිනල් වික්ටර් මැනුවෙල් ෆර්නැන්ඩස් විසින් සංස්කරණය කර තිබේ.

පිටු 160කින් සමන්විත මෙම කෘතිය භාෂා පහකින් රටවල් 94ක ප්‍රකාශයට පත්කර ඇති අතර, ඉංග්‍රීසි සංස්කරණය අමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශන ආයතනය විසින් නිකුත් කර ඇත.

එහි සඳහන් වන පරිදි, Buenos Aires අගරදගුරු ධුරය දැරූ සමයේ අවස්ථා තුනකදී තමන් යක්ෂයා දුටු බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සටහන් කර තිබේ.

වසර 15කට පමණ පෙර මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එහි කවුළුවෙන් යක්ෂයා දුටු බවත්, තවත් අවස්ථාවක කර්මෙලයිට් දේවස්ථානයකදී ගිනි දැල්වෙන දෑසින් යක්ෂයා තමන් දෙස බලා සිටි බවත් උන්වහන්සේ සඳහන් කර ඇත.

තුන්වැනි අවස්ථාව රෝමයේදී සිදුවූ බවත්, එහිදී යක්ෂයා දුටු අතර ඔහුගේ හඬ ද ඇසුණු බවත් දිනපොතේ දැක්වේ.

එමෙන්ම, 2018 ජූනි 7 වැනිදා තැබූ සටහනක ඊට පෙර රාත්‍රියේ තමන් නිරයේ දොරටු දුටු බව ද උන්වහන්සේ සඳහන් කර තිබේ.

2021 ජනවාරි 24 වැනිදා තැබූ සටහනක යක්ෂයා නිර්භීතව සහ කපටි ලෙස සැරිසරමින් සිටින බව ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලියා ඇත. එවැනි අත්දැකීම්වලින් මිදීමට දෙවියන් වහන්සේ තමන්ට උපකාර කළ බව ද උන්වහන්සේ සඳහන් කර තිබේ.

මෙම කෘතියෙන් අනාවරණය වන්නේ යක්ෂයා පිළිබඳ අත්දැකීම් පමණක් නොවේ. තමන් මුහුණ දුන් බිය, පසුතැවීම්, ස්වයං විවේචන, සෞඛ්‍ය ගැටලු සහ ආධ්‍යාත්මික අරගල පිළිබඳව ද උන්වහන්සේ එහි අවංකව සටහන් කර තිබේ.

විශේෂයෙන්ම, 2021 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ තමන් දැඩි ආධ්‍යාත්මික අර්බුදයකට මුහුණ දුන් බව ද දිනපොතේ සඳහන්ය.

එම කාලය තුළ දෙවියන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය සහ යාච්ඤාව තුළින් ශක්තිය ලබාගත් ආකාරය ද උන්වහන්සේ විස්තර කර ඇත.

ජපමාලය තුළින් ආධ්‍යාත්මික ශක්තිය ලබාගත් ආකාරය මෙන්ම, ශාන්ත තෙරේසා ද ලිසියු, ශාන්ත ජෝසප් සහ මරියතුමිය කෙරෙහි පැවති භක්තිය පිළිබඳව ද එහි සටහන් ඇතුළත් වේ.

මෙම අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ නිකුත් කළ C’est la confiance සහ 2024 වසරේ නිකුත් කළ Dilexit nos යන ලේඛන බිහි වූ බව ද කෘතියේ සංස්කාරක කාදිනල් ෆර්නැන්ඩස් පෙන්වා දෙයි.

2023 වසරේ පෘතුගාලයේ ෆාතිමා දේවමාතාවන්ගේ සිද්ධස්ථානයට ගිය අවස්ථාවේ තමන් නිහඬව යාච්ඤාවේ නිරත වූ ආකාරය පිළිබඳව ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දිනපොතේ සටහන් කර තිබේ.

කාදිනල් ෆර්නැන්ඩස් පවසන්නේ මෙම පෞද්ගලික සටහන් ලෝකයට හෙළි කිරීමට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමන්ට භාරදුන් බවයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ බිය, ආධ්‍යාත්මික අරගල සහ දෙවියන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය පිළිබඳ මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙම කෘතිය හරහා ලොවට අනාවරණය වී තිබේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana