
2027 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීලමාතාවන් වෙත පාවහන් ලබා ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව, දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි ක්‍රමවේද දෙකක් යටතේ පාවහන් ලබාදීමට සැලසුම් කර ඇත.
විවෘත වෙළඳපොළෙන් මිලදී ගැනීම (පළාත් 04): මධ්‍යම, උතුර, උතුරු මැද සහ ඌව යන පළාත් හතරේ පාසල් සිසුන්ට තමන්ට ලැබෙන තිළිණපත් මගින් විවෘත වෙළඳපොළෙන් පාවහන් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.
පාසලටම ගොස් පාවහන් ලබාදීම (පළාත් 05): බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත් පහේ පාසල් සිසුන් වෙනුවෙන් දේශීය පාවහන් සැපයුම්කරුවන් විසින් පාසලටම පැමිණ පාවහන් ලබාදීමට නියමිතය.
මෙම වැඩසටහනට අදාළව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සහ වවුචර්පත් පරිලෝකනය කිරීමේ (Scanning) කටයුතු සිදු කෙරෙන කාලසීමාවන් ද ප්‍රකාශයට පත් කර තිබේ.
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම: 2026 නොවැම්බර් 03 වන දින සිට 2026 දෙසැම්බර් 20 වන දින දක්වා.
වවුචර්පත් පරීක්ෂා කිරීම ( Scanning) කිරීම: 2026 නොවැම්බර් 10 වන දින සිට 2026 දෙසැම්බර් 20 වන දින දක්වා.










































