
වැලිගම, මිදිගම ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
පොලිසිය සඳහන් කළේ, ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියක, අදාළ ජීප් රථය ගැටී ඇති බවය.
අනතුරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















































