
මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත.
ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසා සිටියේ, මෙම සයිබර් ප්‍රහාරයෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ වේලාවක් වෙන්කරගැනීමේ පද්ධතියට (Appointment) බලපෑම් එල්ල වී නොමැති බවය.
ඒ හේතුවෙන් appointment.dmt.gow.lk හරහා වේලාවක් වෙන්කර ගැනීමේ හැකියාවක් ඇති බව හෙතෙම සඳහන් කළේය.



















































