header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
සිම්බාබ්වේ දිවැසිවර Uebert Angel අත්අඩංගුවට
සිම්බාබ්වේ දිවැසිවර Uebert Angel අත්අඩංගුවට
Mobitel 1278

පහරදීමේ සහ අස්වාභාවික ලිංගික ක්‍රියා සම්බන්ධ චෝදනා මත දිවැසිවර යූබට් ඒන්ජල් අද (23) අත්අඩංගුවට ගත් බව සිම්බාබ්වේ පොලීසිය තහවුරු කර ඇත.

බැතිමතුන් ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමින් සිටියදී පොලිස් නිලධාරීන් 10 දෙනෙකු පමණ එම ස්ථානයට කඩා වැදී ඔහුට මාංචු දමා දේවස්ථානයෙන් පිටතට රැගෙන ගිය බව සඳහන් වේ.

පැමිණිලි ඉදිරිපත් කළේ කවුරුන්ද, පැමිණිලිකරුවන් කී දෙනෙකු සිටීද හෝ අදාළ සිදුවීම් කවදා සිදු වූයේද යන්න පොලිසිය මෙතෙක් අනාවරණය කර නොමැත.

එමෙන්ම ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් පිළිබඳවද මෙතෙක් නිවේදනය කර නැත. යූබට් ඒන්ජල් ද මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, ඔහු වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටින්නේද යන්න පවා අපැහැදිලි බව විදෙස් මාධ්‍ය පවසයි.

සිම්බාබ්වේ නීතිය යටතේ 'අස්වාභාවික ලිංගික ක්‍රියා' යන්න පිරිමින් දෙදෙනෙකු අතර කැමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාවන් ලෙස අර්ථ දැක්වෙන අතර, කැමැත්තෙන් තොරව සිදුකරන ලිංගික ක්‍රියා 'අශෝභන ලෙස පහරදීම' ඇතුළු වෙනත් වැරදි යටතේ නඩු පවරනු ලැබේ. කෙසේ වෙතත් මෙම චෝදනා දෙක ඔහුට අදාළ වන්නේ කෙසේදැයි පොලිසිය පැහැදිලි කර නැත.

මීට පෙර පසුගිය මාර්තු මාසයේදී බුලවායෝ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක්, 2025 මාර්තු මාසයේදී හිපොඩ්‍රෝම් දේවස්ථානයේ පිහිටි ඒන්ජල්ගේ කාර්යාලය තුළදී ඔහු තමාට අශෝභන ලෙස ලිංගික අතවර කළ බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීම එම පැමිණිල්ලට අදාළ එකක්ද යන්න තවමත් තහවුරු වී නොමැත.

උපතින් යූබට් මුඩ්සනිරේ (Uebert Mudzanire) නම් වූ ඔහු, 2021 මාර්තු මාසයේදී ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා විසින් යුරෝපය සහ අමෙරිකාව සඳහා විශේෂ ජනාධිපති නියෝජිතයා සහ තානාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.
‍
මීට පෙර 2023 වසරේදී අල් ජසීරා (Al Jazeera) නාලිකාව විකාශය කළ 'Gold Mafia' ගවේෂණාත්මක වැඩසටහන මගින්ද ඒන්ජල් දැඩි විවේචනයට ලක්විය. රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණ ජාලයක කොටසක් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් සිම්බාබ්වේ වෙත රැගෙන ඒමට තම රාජ්‍ය තාන්ත්‍රික බලය භාවිත කිරීමට ඔහු ඉදිරිපත් වන ආකාරය එහිදී රහසිගත කැමරා මගින් හෙළිදරව් වී තිබුණි.

මෙම චෝදනා අධිකරණය හමුවේ මෙතෙක් ඔප්පු වී නොමැති අතර, අත්අඩංගුවට ගැනීමක් යනු වරදකරුවෙකු කිරීමක් නොවන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි