
ත්රිකුණාමලය, ධීවර වරාය ආසන්නයේදී සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙම පුද්ගලයින් තිදෙනා ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරට ලක්ව ඇත්තේ දෙවුන්දර ප්රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු වන අතර, අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට ප්රතිකාර සඳහා ත්රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇත.
















































