header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බණ අහන බණ කියන රටක උතුම් මිනිසත් බවයකට පාරමිතා පුරන පන්සලේ පිංවතා...
බණ අහන බණ කියන රටක උතුම් මිනිසත් බවයකට පාරමිතා පුරන පන්සලේ පිංවතා...
Mobitel 1278

හෙම්මාතගම, මැදිලිය පුරාණ විහාරස්ථානයේ වෙසෙන මේ සුනඛයා දුටු විට ඕනෑම කෙනෙකුට සිතෙන්නේ සාමාන්‍ය සතෙකු නොවන බවකි.

වයස අවුරුදු හයක් පමණ වන මෙම සුනඛ්‍යා නමින් රෙක්ස්, 'චුටි පුතා' ආදී නම්වලින් හඳුන්වනු ලබයි.

විහාරාධිපති විශ්‍රාමික විදුහල්පති ඉලුග්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ සුරතලෙකු ලෙස කුඩා කළ සිටම පන්සලේ හැදී වැඩී ඇති මෙම සුනඛයා සෑම දිනකම බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් අනතුරුව, දායකයන්ටත් පෙර ඉදිරියට ගොස් ඝාණ්ටාරය නාද කිරීමට පුරුදුව සිටී.

මෙහි විශේෂත්වය වන්නේ ස්වාමින් වහන්සේ විසින් ඝණ්ටාරය නාද කිරීම නවත්වන ලෙස අණ කරන තෙක්ම රෙක්ස් එම කාර්යය නොකඩවා සිදුකිරීමයි.

ඝණ්ටාරය නාද කර අවසන් වූ පසු ඔහුගේ ඊළඟ රාජකාරිය ආරම්භ වේ.

මිදුලෙන් ගලක් කටින් ගෙන එය විහාරස්ථානය තුළ තබා, ඝණ්ටාරය නාද කළ බව ස්වාමින් වහන්සේට දැන්වීම මොහුගේ දෛනික පුරුද්දකි.

පෝය දිනවල මෙන්ම අනෙකුත් ආගමික අවස්ථාවලදී ද ධර්ම දේශනා පැවැත්වෙන ස්ථානයේ නිහඬව රැඳී සිටිමින්, බණ අවසන් වන තෙක්ම ඒවාට ඇහුම්කන් දීම රෙක්ස්ගේ සුවිශේෂී ගතිගුණයකි. වන්දනාමාන කරන ස්ථානවලද මොහු නිතර දැකිය හැකිය.

දහම් පාසල් පැවැත්වෙන දිනවල කුඩා දරුවන් සමඟ ඉතා සමීපව, ආදරයෙන් කාලය ගත කිරීමට රෙක්ස් වැඩි කැමැත්තක් දක්වයි.

එමෙන්ම විහාරස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද රෙක්ස් දැඩි අවධානයකින් සිටින අතර, ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ නොමැති අවස්ථාවලදී කිසිවෙකුට ආවාසයට ඇතුළුවීමට ඉඩ නොදෙනු ඇත.

තවද, ස්වාමින් වහන්සේ පන්සලේ නොමැති අවස්ථාවලදී උන්වහන්සේ නැවත වඩින තෙක් කෑම බීම පවා නොගැනීමට තරම් රෙක්ස් පුරුදුව සිටී.

සත්ත්ව ලෝකයේ ඇති මෙවැනි ගුණගරුක හැසිරීම්, මිනිසුන් වන අපටද ආගමික භක්තිය, කැපවීම සහ ලෙන්ගතුකම පිළිබඳ අපූරු පාඩමක් කියා දෙන අතර, රෙක්ස්ගේ අවසන් තිරිසන් ආත්මය මෙය වනු ඇතැයි ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ විශ්වාසයයි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි