header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී ලාංකික සාගර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් ට එංගලන්තයෙන් ගෞරවනීය ඇගයීමක්
ශ්‍රී ලාංකික සාගර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් ට එංගලන්තයෙන් ගෞරවනීය ඇගයීමක්
Mobitel 1278

ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික සාගර ජීව විද්‍යාඥවරියක් වන ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය, එක්සත් රාජධානියේ සමුද්‍ර ජීව විද්‍යා සංගමයෙන් (Marine Biological Association - MBA) ගෞරවනීය ඇගයීමක් ලබා දී තිබේ.

එම සංගමයේ රාජකීය ප්‍රඥප්තියට (Royal Charter) අනුව, සමුද්‍ර ජීව විද්‍යා ක්ෂේත්‍රයට ඉහළ මට්ටමින් සිදු කරන ලද සුවිශේෂී සහ බලපෑම් සහගත දායකත්වයන් ඇගයීම වෙනුවෙන් මෙම ගෞරවනීය පදවිය "Fellow" පිරිනමනු ලැබේ.

ආචාර්ය ආශා ඩි වොස් සාගර අධ්‍යාපනඥවරියක, ලේඛිකාවක මෙන්ම උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් පිළිබඳ දීර්ඝකාලීන පර්යේෂණවල පුරෝගාමියා ද වේ.

ඇය ශ්‍රී ලංකාවේ පළමු ගැඹුරු මුහුදු ගවේෂකවරිය (Deep-sea explorer) ලෙස ද ඉතිහාසයට එක්ව සිටී.

සමුද්‍ර සංරක්ෂණ ක්ෂේත්‍රය තුළ විවිධත්වය සහ සමානාත්මතාව වෙනුවෙන් හඬ නගන ඇය, උතුරු ඉන්දියන් සාගරයේ සමුද්‍ර ක්ෂීරපායින් සහ ගැඹුරු මුහුදු පර්යේෂණ පිළිබඳ දශක ගණනාවක ක්ෂේත්‍ර අත්දැකීම් ලබා ඇත.

ශාන්ත ඇන්ඩෘස් (St. Andrews), ඔක්ස්ෆර්ඩ් (Oxford) සහ   University of Western Australia යන විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ඇති ඇය, ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ සහ අධ්‍යාපන සංවිධානය වන 'ඕෂන්ස්වෙල්' (Oceanswell) ආයතනය පිහිටුවීමට කටයුතු කළාය.

සමුද්‍ර විද්‍යාවට අවස්ථාවක් නොමැති බවට සැලකූ රටක, නව පරපුරේ ශ්‍රී ලාංකික සමුද්‍ර විද්‍යාඥයින් පුහුණු කිරීමට සහ ඔවුන්ට නව අවස්ථා උදා කර දීමට ඇය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

මීට අමතරව ඇය  "University of Western Australia" හි සාගර ආයතනයේ අනුබද්ධ පර්යේෂණ විශේෂ සාමාජිකාවක් ලෙසත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අට දෙනෙකුගෙන් යුත් බාහිර විද්‍යාත්මක උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසත් කටයුතු කරයි.

විද්‍යා සන්නිවේදිකාවක ලෙස දේශන, වාර්තා වැඩසටහන් සහ සාගරය පිළිබඳ කෘති තුනක් හරහා ලොව පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ ඇය, BBC, The New York Times, TED සහ National Geographic වැනි ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයට ලක්ව ඇත.

ආචාර්ය ආශා ඩි වොස් ලැබූ ප්‍රධාන ජාත්‍යන්තර ගෞරව සහ සම්මාන කිහිපයක් පහත පරිදි වේ.

  • ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිය ඡායාරූපයක් ප්‍රදර්ශනයට තැබූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වීම.
  • 2018 වසරේ ලොව වඩාත්ම ආශ්වාදජනක සහ බලපෑම් සහගත කාන්තාවන් 100 දෙනාගේ (BBC 100 Women) ලැයිස්තුවට ඇතුළත් වීම සහ LMD සඟරාවේ 'වසරේ ශ්‍රී ලාංකිකයා' ලෙස නම් කිරීම.
  • 2020 වසරේ ක්ෂේත්‍ර ජීව විද්‍යාව සඳහා පිරිනැමෙන පළමු 'මැක්ස්වෙල්-හැන්රාහන්' (Maxwell-Hanrahan) සම්මානය සහ Scuba Diving සඟරාවේ 'වසරේ සාගර වීරයා' (Sea Hero of the Year) සම්මානය හිමිවීම.
  • 2021 වසරේ 'වනිතාභිමානී' යාවජීව සම්මානය සහ Tällberg-SNF-Eliasson ගෝලීය නායකත්ව ත්‍යාගය දිනා ගැනීම.
  • 2023 වසරේ බ්‍රිතාන්‍ය පාරිසරික සංගමයේ සමානාත්මතා සහ විවිධත්ව ශූරිය ලෙස නම් කිරීම සහ අමෙරිකාවේ කැලිෆෝනියා විද්‍යා ඇකඩමියේ Osher අධිසාමාජිකාවක් ලෙස පත්වීම.
  • 2026 වසරේ Forrest පර්යේෂණ පදනමේ 'Thinker-in-Residence' ලෙස නම් කිරීම.
     

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි