
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 17 හැවිරිදි තරුණියක් භාවිතා කළ රූපලාවන්‍ය ආලේපනයක් හේතුවෙන් ඇගේ වකුගඩුවලට දැඩි හානි සිදුවීමේ පුවතක් වාර්තාවීමත් සමඟ අදාළ නිෂ්පාදකයන්ට එරෙහිව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මුහුණේ කුරුලෑ සහ ලප කැලැල් ඉවත් කරගැනීමට සමාජ මාධ්‍ය දැන්වීමක් ඔස්සේ මෙම ආලේපනය මිලදී ගත් බව කියන අදාළ තරුණිය, එය භාවිතා කිරීමෙන් පසු හිසරදය, ක්ලාන්තය සහ සිරුර ඉදිමීම වැනි ලක්ෂණ පෙන්නුම් කර ඇත.
පසුව රෝහල් ගත කළ ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන් අනාවරණය කරගෙන ඇත්තේ ඇගේ වකුගඩුවල රේචන පද්ධතියට දැඩි හානි සිදුව ඇති බවයි.
අදාළ ක්‍රීම් වර්ගය පරික්ෂා කිරීමේදී එහි ආරක්ෂිත මට්ටම මෙන් 12,500 ගුණයකටත් වඩා වැඩි රසදිය (Mercury) ප්‍රමාණයක් අඩංගු බව තහවුරු වී තිබේ.
සර්මාංගික ලෙස සම හරහා සිරුරට ඇතුළු වූ මෙම විෂ සහිත රසදිය හේතුවෙන් ඇගේ වකුගඩු අක්‍රියවීමේ අවදානමක් මතු වූ අතර, මසක පමණ ප්රතිකාරවලින් පසු ඇය දැනට නිවසේ සුවය ලබමින් පසුවේ.
මෙම සිද්ධියත් සමඟ නොමඟ යවන සුළු සහ ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය නිෂ්පාදන සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීම පිළිබඳව ඉන්දියාව තුළ නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.










































