
මනමේ වේදිකා නාට්‍යයේ නිර්මාතෘ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය සහ නාට්‍යයේ රංගන ශිල්පීන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී පැවති තේ පැන් සංග්‍රහයකට අද එක් වුණි.
ඒ, මනමේ නාට්‍යයට වසර 70ක් පිරීම නිමිත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත කළ ඇරියුමකට අනුවය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ එදා මෙදා තුර විශිෂ්ට නාට්‍ය නිර්මාණයක් වන ‘මනමේ’ නාට්‍යය මුල්වරට රංගගත කර මේ වසර වන විට වසර 70ක් සපිරේ.
ඒ නිමිත්තෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ඇතුළු නාට්‍යයේ රංගන ශිල්පීන්ට සිය නිවසේදී පැවති තේ පැන් සංග්‍රහයකට අද ඇරියුම් කර තිබුණි.
මනමේ නාට්‍යයේ පළමු දර්ශනයේ සිටම රනිල් වික්‍රමසිංහ මහතා එහි රසිකයෙකු බව පැවසේ.
එහිදී පිරිස රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී මනමේ නාට්‍යයේ ගීත ගායනා කරමින් එම සැඳෑව හැඩ කළහ.
මෙහිදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තූතිය පළ කළාය.










































