
බොරැල්ල හරස් මාර්ගයේ පිහිටි හෝටලයක ඊයේ (23) රාත්‍රියේ හට ගත් ගින්නෙන් පසු අද (24) උදෑසන SOCO නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණය පවත්වනු ලැබීය.
ගින්න අදාළ හෝටලයේ මුළුතැන්ගෙය තුළ හටගෙන ඇති අතර, එහි තිබූ භාණ්ඩ සියල්ල ගින්නට හසුවී විනාශ වී ඇත.
ගින්න හටගත් අවස්ථාවේ හෝටලය තුළ සිටි විදේශිකයින් 6 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ව නිරුපද්‍රිතව බේරාගෙන වෙනත් හෝටලයක් වෙත මාරුකර යවා තිබේ.
ගින්න ඇති වූ අවස්ථාවේ දුමාරය ආඝ්‍රාණයවීමෙන් හෝටලය තුළ සිටි කිහිපදෙනෙකු රෝහල්ගත කර තිබුණි.
ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 4ක් යොදවා තිබුණු අතර, විදුලි කාන්දුවක් මත ගින්න හටගෙන ඇතැයි සැක පළ කරයි.










































