
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ දින 16ක ගෝලීය වැඩසටහනට සහය පළ කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (25) තැඹිලි පැහැයෙන් වැසී ගියේය.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගය ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් මෙම විශේෂ වැඩසටහන් මාලාව සංවිධානය කර තිබේ.
මෙම ගෝලීය ව්‍යාපාරයට පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය හිමිවන බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් සභාවට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
වැඩසටහනට සහය පළ කිරීමේ සංකේතයක් ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංකේතාත්මක ලාංඡන පැළඳවීම සිදු කරන ලදී.
ඊට අමතරව, මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් ද තැඹිලි පැහැති හෝ තැඹිලි පැහැය සහිත ඇඳුමින් සැරසී සිටිනු දක්නට ලැබිණි.
2026 ගෝලීය තේමාව වුයේ “කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම වෙනුවෙන් එක්සත් වෙමු: යුක්තිය තහවුරු කරමු, හිංසනයට ලක් වූවන් සුරකිමු, දඬුවම් නොලැබීම දුරලමු” යන්නය.
ශ්‍රී ලංකාවේ තේමාව වුයේ “This is my right” යන්නය.
මෙයට සමගාමීව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සාමූහික සහයෝගය මෙන්ම නීතිමය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල වැදගත්කම පෙන්වා දුන්හ.
අද (250 දිනට යෙදෙන 'කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයේ' සිට දෙසැම්බර් 10 වැනි දිනට යෙදෙන 'මානව හිමිකම් දිනය' දක්වා මෙම දින 16ක ගෝලීය ව්‍යාපාරය ක්‍රියාත්මක වන අතර, ඊට සමගාමීව පාර්ලිමේන්තුව තුළ ද දින 16ක විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිතය.








































