
ලොව ප්රධාන වෙළෙඳ හවුල්කරුවන් 14 දෙනෙකු ඉලක්ක කරගනිමින් ට්රම්ප් පරිපාලනය විසින් නව තීරුබදු ප්රතිපත්තියක් නිවේදනය කර තිබේ.
චීනය, ඉන්දියාව සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසකට මෙම නව බදු සංශෝධන බලපාන අතර, එය ලබන වසරේ සිට ක්රියාත්මක කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම නව තීරුබදු ප්රතිපත්තිය යටතේ වැඩිම බදු අනුපාතයකට මුහුණ දීමට සිදුව ඇත්තේ චීනයටයි. බොහෝ චීන භාණ්ඩ සඳහා යෝජිත 20%ක නව තීරුබද්දත් සමග ඇතැම් භාණ්ඩ සඳහා වන මුළු බදු අනුපාතය 40% දක්වා ඉහළ යනු ඇත.
මීට අමතරව ආසියානු රටවල් කිහිපයක් සඳහාද ඉහළ බදු අනුපාත නියම කර ඇති අතර, ඒ අනුව වියට්නාමයට 20%ක බද්දක්ද, කාම්බෝජය, ඉන්දුනීසියාව සහ මැලේසියාව සඳහා 18%ක බද්දක්ද, ඉන්දියාව සඳහා 17%ක තීරුබද්දක්ද යෝජනා වී තිබේ.
යුරෝපීය සංගමය, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු අනෙකුත් ප්රධාන වෙළෙඳ හවුල්කරුවන් සඳහා 15%ක තීරුබදු අනුපාතයක් අය කිරීමට තීරණය කර ඇත.
මීට අමතරව සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තායිවානය සහ බංග්ලාදේශය යන රටවලටද මෙම නව බදු ප්රතිපත්තිය බලපානු ඇත.
කෙසේ වෙතත් දැනට පවතින සාකච්ඡා මාර්ගයෙන් යම් එකඟතාවකට පැමිණීමට හැකි වුවහොත් පමණක් මෙම යෝජිත බදු අනුපාතයන්හි වෙනසක් සිදුවිය හැකි බව ට්රම්ප් පරිපාලනය වැඩිදුරටත් ප්රකාශ කර ඇත.
අමෙරිකාව විසින් පනවන ලද මෙම නව තීරුබදු පැනවීමට ශ්රී ලංකාව ඇතුළත් කර නොමැත.









































