වහළ මත සූර්ය පැනල සිවි කිරීමේ ව්‍යාපෘතිය අඩපණ කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවල හේතුවෙන් ලබන වසරේ සිට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව බලශක්ති සැලසුම්කරුවෙකු වන අශෝක අබේගුණවර්ධන මහතා පවසයි.
සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ කැබිනට් යෝජනාවද මේවනවිට අතුරුදන් වී ඇති බව ඔහු සඳහන් කරයි.
රජය ඉදිරිපත් කර ඇති නව ක්‍රමවේදයේ ඇති අඩුපාඩු සම්බන්දයෙන්ද ඔහු මෙලෙස පැහැදිළි කළේය.
"කැබිනට් පේපර් එකක් කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙනවා ඇමතිතුමා. අපි තාම දන්නෑ ඒකට මොකද වුණේ කියලා. ඒ කැබිනට් පත්‍රිකාව අනුව ඒකට හේතුව ඉදිරිපත් කරලා තියෙන්නේ විදුලිබල මණ්ඩලයේ බලාපොරොත්තු වුණාට වඩා වැඩි වේගයකින් සූර්ය බලාගාර වහලවල් හැදෙනවා. ඒවායින් විදුලිය නිපදවන්නේ දවල් වරුවේ. ඒ දවල් වරුවේ නිපදවන විදුලිය ගබඩා කරගෙන රෑට ගන්න තරමට විදුලිබල මණ්ඩලය ලෑස්ති වෙලා හිටියේ නෑ. ඒ නිසා 2030 වෙනකොට එන්න නියමිත බලාගාරවල ඒ විදුලි ප්‍රමාණයක් ගන්න විදුලිබල මණ්ඩලය ලෑස්ති නැති නිසා නිතරම විදුලි පද්ධතිය කඩන් වැටෙන්න පුළුවන් කියන එක. එතකොට ඒ කාරණය මත ඉදිරිපත් කරලා එක පැත්තකින් ගත්තොත් අධෛර්ය කිරීමක් තමයි මේ කරලා තියෙන්නේ. හැබැයි අනිත් පැත්තෙන් බැලුවොත් ඒවා ටික එන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ ඉඳන් ඉදිරි අවුරුදුවල පායන කාලයට පෙබරවාරි, මාර්තු වෙනකොට විදුලිය අනිවාර්යයෙන් කපන්න වෙනවා. එහෙම නැත්නම් ඉතාම මිල අධික තෙල් බලාගාරවලින් වැඩියෙන් නිෂ්පාදනය කරන්න වෙනවා. එතකොට ඒක කොහොමවත් රටටවත්, විදුලිබල මණ්ඩලයේ අලුත් සමාගම්වලටවත් වාසිදායක තත්ත්වයක් වෙන්නේ නෑ. පාරිභෝගිකයාගේ විදුලි බිලත් සිඝ්‍රයෙන් ඉහළ යනවා. බොහෝ විට විදුලි කප්පාදුවකට පවා යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා."
රජය කළ යුතුව තිබුණේ මේ අයගෙන් තවදුරටත් විදුලිය ගන්න ගමන් ගබඩා කිරීමේ ප්‍රශ්නේ විසඳගන්න. එතකොට ඒ සඳහා යෝජනා දෙකක් ඉදිරිපත් කරලා තිබුණා මේ කැබිනට් පත්‍රිකාවේ. එකක් තමයි 'Zero Export' කියලා. ඒ කියන්නේ විදුලිබල මණ්ඩලය එකක්වත් ගන්නේ නෑ කියන එක. ඒක අර පරණ තිබුණු 'Net Metering' වගේ තමයි. හැබැයි මෙතැනදී තියෙන ප්‍රශ්නය මිලදී ගන්න ඒවයි, විකුණන ඒවයි හිලව් වෙලා යන්නේ නෑ. ඒ නිසා ප්‍රායෝගිකව ඒ ක්‍රමයට ගියාම විදුලිබල මණ්ඩලය කලින් ගබඩාවක් විදිහට පාවිච්චි වුණා. දැන් ඒක නෑ. විදුලි බලාගාරය එහෙම නැත්නම් වහලේ සූර්ය පැනලය හයි කරගන්නවට අමතරව බැටරියටත් අතිරේක වියදමක් කරන්න සිද්ධ වෙනවා. 'Net Plus 1' කියන එකේ තියෙන්නේ දවල්ට විදුලිය දෙනවා නම් ඒ දවල් රේට් එකට කැපිලා යනවා, රෑ විදුලිය දෙනවා නම් ඒක කැපිලා යනවා කියලා. හැබැයි ඒකේ තියෙන ප්‍රශ්නය එහෙම කරන්න නම් බැටරියක් ගෙවල්වල දාගන්න ඕනේ. එතකොට බැටරියක් ගෙවල්වල දාගන්න උනන්දු කරන එකේ වරදක් නෑ මේ වෙලාවේ, මොකද විදුලිබල මණ්ඩලය ලෑස්ති නැති නිසා. හැබැයි රටක් විදිහට හැම ගෙවල්වලම බැටරි දාගන්න ගියොත් රටට පාඩුයි. මොකද විදුලිබල මණ්ඩලයේ බැටරි දාගන්න යනවා වගේ තුන් ගුණයක විතර වියදමක් යනවා හැමෝම බැටරි දාගත්තොත්."