
රුසියාවේ කොල්ට්සෝවෝ ගුවන්තොටුපොළේ සිට මත්තල වෙත අද (25) පස්වරුවේ පැමිණි ගුවන්යානයක පුපරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත එම යානය විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත.
'Azur Air' ගුවන්සේවයට අයත් 'ZF 4337' දරණ ගුවන් යානයේ සියලු මගීන් සහ භාණ්ඩ ගුවන්තොටුපොළ බලධාරීන් විසින් මෙහිදී පරීක්ෂාවට ලක්කර තිබේ.
එම අවස්ථාවේ යානයේ මගීන් 338ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු පැමිණ තිබූ අතර, සිදුකළ පරීක්ෂාවේදී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හෝ සැක සහිත කිසිවක් හමුවී නොමැත.










































