
රත්නපුර - හිදැල්ලන ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඉන් පස් දෙනෙකුගේ බරපතළ තුවාල ලබා ඇති බව බවත් සෙසු පිරිස සුළු තුවාල ලබා ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් පනස් දෙනෙකු සිට ඇති බව සඳහන්ය.
අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ රත්නපුරය සිට අවිස්සාවේල්ල දක්වා ගමන් කළ ටිපර් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.
තුවාල ලැබූ අය රත්නපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් කීය.











































