
දකුණු කොරියාවේ ග්යොංජි පළාතේ හ්වාසොං හි සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
නොවැම්බර් 26 වැනිදා රාත්‍රී 9.10 ට පමණ හ්වාසොං හි ජංගන්-මියොන් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
සේවය නිමවී තම නේවාසිකාගාරය වෙත පාගමනින් ගමන් කරමින් සිටි අවුරුදු 30ක පමණ වයසැති ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි මෙම ලාංකිකයන් දෙදෙනා, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටොන් 7.5 ක බරැති ට්‍රක් රථයක පිටුපස භාණ්ඩ පටවන කොටසින් පිටතට නෙරා තිබූ කොටසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.
එම කොටස ලාංකිකයන් දෙදෙනාගේ හිස සහ උදර ප්‍රදේශයේ වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන හ්වාසොං සියෝබු පොලිස් ස්ථානය සඳහන් කළේ, වෘත්තීය නොසැලකිල්ල හේතුවෙන් මරණය සිදුකිරීමේ චෝදනා මත අවුරුදු 50 ක් වයසැති ට්‍රක් රථ රියදුරාට එරෙහිව දකුණු කොරියාවේ රථවාහන අනතුරු පිළිබඳ විශේෂ නඩු පනත යටතේ නඩු පවරා ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර නොතිබූ බව පොලිසිය තහවුරු කර ඇත.
අනතුරට ලක්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඩෑෂ්කැම් දර්ශන ඇතුළු සාක්ෂි විශ්ලේෂණය කරමින් කොරියානු පොලිසිය ඉදිරි විමර්ශන පවත්වයි.















































