header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අයවැයට එරෙහිව තවත් වෘත්තීය සමිති රැසක් දෙසැ. 01 වැනිදා විරෝධතාවකට සැරසෙයි
අයවැයට එරෙහිව තවත් වෘත්තීය සමිති රැසක්  දෙසැ. 01 වැනිදා විරෝධතාවකට සැරසෙයි
Mobitel 1278

අයවැයට විරෝධය පලකරමින් දෙසැම්බර් මස පළමුවනදා පොල්දූව මංසංධියේ දැවැන්නත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, එදින අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බැවින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවය.

අධ්‍යාපනය සඳහා සියයට හයක් වෙන් කරන බවට වූ පොරොන්දුව මත වත්මන් අගමැතිනිය දේශපාලන ගමන ආරම්භ කළ බව පෙන්වා දුන් උලපනේ සුමංගල හිමියන්, බලයට පත්වීමෙන් පසු එම පොරොන්දුව ඉටු කර තිබේද යන්න සම්බන්ධයෙන් රජය පැහැදිලි කළ යුතු බව ප්‍රකාශ කළහ.

එමෙන්ම, පළමු වැනිදා පැවැත්වෙන විරෝධතාවයෙන් අනතුරුව සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට සූදානම් බවද උලපනේ සුමංගල හිමියෝ අවධාරණය කළහ.

එහිදී අදහස් දැක්වූ  උලපනේ සුමංගල හිමියන්,

‘’පළවෙනිදා අපේ වැය ශීර්ෂය සාකච්ඡාවට ගැනෙන දවස. අධ්‍යාපන වැය ශීර්ෂය. රටේ අධ්‍යාපන ඇමතිතුමිය, අගමැතිතුමිය හැටියට තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ආරම්භ කරන්නට යෙදුණේ පිටේ සියයට හය ගහගෙන. සියයට හයක් අධ්‍යාපනයට වෙන් කළා කියන සටන් පාඨයෙන් තමයි දේශපාලන අවතීර්ණ වෙන පසුබිම හැදුණේ. සියයට හය පිටේ ගහගෙන ඇවිල්ලා බලය ලබා ගත්තට පස්සේ දැන් සියයට හය ගහගන්නේ ඊට වැඩිය පල්ලෙහායින්ද කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. අපි එන්නේ පාර්ලිමේන්තුව වටරවුමට පොල්දූව මංසන්ධියට. වැය ශීර්ෂය ඉදිරිපත් කරන්නේ තමන්ට දේශපාලන පසුබිම සකස් වෙච්ච සියයට හය සටන පාවා දීලද? කෝ දැන් සියයට හය? අපේ වෘත්තිය ක්‍රියාමාර්ග පළවෙනිදා අපි පොල්දූවට කැඳවලා තියෙනවා. අපි තවත් දැඩි කරනවා ඉදිරියේදී. අපිට ඒ ශක්තිය තියෙනවා. අපි බලමු මහින්ද ජයසිංහටද ගුරු විදුහල්පතිවරුන්ගේ බලය තියෙන්නේ? එහෙමත් නැත්නම් පොදු ගුරුවරු විදුහල්පතිවරු නියෝජනය කරන වෘත්තිය සංගම්වලටද බලය තියෙන්නේ කියන එක.''

මේ අතර, 2027 අයවැය මගින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු සහ ඔවුන් සමඟ ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එහි සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බවත්, 25 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සිය ගැටලු ඇතුළත් සංදේශයක් භාරදුන් බවත් ය.

එසේම, අදාළ ගැටලු විසඳන තෙක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවද ඔහු අනතුරු ඇඟවීය.

එහිදී අදහස් දැක්වූ ධම්මික එස්. ප්‍රියන්ත මහතා,

''මේ වෙනකොට 2027 අයවැය නිකුත් කරලා තියෙනවා. ඒ අයවැය තුළ විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ගැන කිසිම සටහනක් නෑ. අපිත් එක්ක ආපු එකඟතාවයන් කිසිවක් ඒ තුළ අන්තර්ගත වෙලා නෑ. මේකට විරෝධය දක්වලා අපි ප්‍රථමයෙන් 18 වැනිදා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්තුවා. ඒ වගේම අපි 25 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. ගිහිල්ලා අපි එදා සංදේශයක් භාර දුන්නා. එතනදිත් අපි ඉතා පැහැදිලිව කිව්වා මේ ප්‍රශ්න ඉවර කරන්න ජනාධිපතිතුමා මැදිහත් වෙලා වහාම සාකච්ඡාවක් දීලා වර්තමාන රජයේ එතුමාගේ අයවැයේ විශ්වවිද්‍යාලයට කර අසාධාරණය, අගතිය නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ කියලා. මොකද මේ රටේ මෙතෙක් බිහි වූ කිසිදු රජයක් වර්තමාන රජය වගේ විශ්වවිද්‍යාල ප්‍රජාවට, විශ්වවිද්‍යාල පද්ධතියට මේ වගේ අසාධාරණයක් කරලා නෑ. ඒ නිසා අපි ඉතාමත්ම ඕනෑකමින් වර්තමාන රජයට කියනවා වහාම ඒක නිවැරදි කරන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න. අපි නැවතත් දෙසැම්බර් පළවෙනි දින සියලුම ප්‍රජාව කොළඹට කැඳවලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරනවා රජයේ මේ ක්‍රියාකලාපයට එරෙහිව. ඒ නිසා අපි රජයට නැවත නැවතත් කියනවා වහාම මැදිහත් වෙලා මේක නිවැරදි කරන්න. එසේ නොවන්නේ නම් වර්තමාන රජය විසින් නිර්මාණය කරන ලද ඒ ගැටලු නිරාකරණය කරන තෙක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුද නිර්මාණය වෙයි.''

මේ අතර, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය සියලු වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමට තීරණය කර ඇති බව එහි සභාපති සිරිතුංග ජයසූරිය මහතා පවසයි.

රජය වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් දැක්වීම වෙනුවට තර්ජනාත්මක ස්වරූපයකින් කටයුතු කරන බවත්, කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වන වෘත්තීය සමිතිවලට එරෙහිව බලපෑම් කිරීම පිළිගත නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සිරිතුංග ජයසූරිය මහතා අවධාරණය කළේ, එමෙන්ම ගුරුවරුන් විසින් නොවැම්බර් 30 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත විරෝධතා ක්‍රියාමාර්ගය තීරණාත්මක වනු ඇති අතර එම ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීම සඳහා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පූර්ණ සහාය ලබාදෙන බවය..

එහිදී අදහස් දැක්වූ නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සිරිතුංග ජයසූරිය මහතා,

''ගුරුවරු ඒ වගේම රාජ්‍ය සේවකයෝ විශාල වශයෙන් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙන්නේ. ආණ්ඩුව අද චණ්ඩි පාට් දාන්න පටන් අරන් තියෙනවා. අනුර කුමාර එයාගේ වෘත්තීය සමිති කැඳවලා අපි දන්නේ නෑ ඔක්කොම ආවේ සාමාජිකයෝද ඒගොල්ලන්ගේ පැලවත්තේ සාමාජිකයෝද කියලා. කොහොමහරි හාර පන්දාහක් ඒගොල්ලෝ ගේනවනේ. මේගොල්ලෝ ගෙනල්ලා ඉවර වෙලා ජනතාවට කම්කරු පන්තියට තර්ජනයක් කරනවා බලහත්කාරයෙන් කෑගහලා ගන්න බෑ එහෙම නම් දෙන්නෙම නෑ කියලා. ඔයිට වඩා ලොකුවට කතා කරපු ජනාධිපතිවරු අපි දැකලා තියෙනවා. ඔයිට වඩා ලොකු දේවල් කියලා හොම්බෙන් ගියපු ජනාධිපතිවරුත් අපි දැකලා තියෙනවා. අද කම්කරුන්ට විරුද්ධව එළිපිට කතා කරන මේ මහින්ද ජයසිංහ සමඟ සාකච්ඡාවලට වෘත්තීය සමිති යෑම ගැන නැවත හිතා බලන්නට ඕනේ. මේකෙන් ප්‍රයෝජනයක් නෑ. එයා තනිකරම ධනපති ආණ්ඩුවේ ගැත්තරයෙක්, ආරක්ෂකයෙක් බවට පත් වෙලා තියෙන්නේ. තිස් වෙනිදා ආරම්භ වෙන ගුරුවරුන්ගේ විරෝධය දැක්වීමේ කටයුත්ත ඉතාම තීරණාත්මක තැනකට පත්වෙයි. ඒ සඳහා අපේ නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම්පූර්ණ සහයෝගය ප්‍රකාශ කරනවා විතරක් නෙවෙයි ඒක සාර්ථක කිරීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.''

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 ''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

 වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

නාමල් නැතිව සැමරූ 'ඩී.ඒ. රාජපක්ෂ' ගුණ සැමරුම - මහින්ද ඉදිරියේ දයාන් ජයතිලක කියපු කතා | Ada Derana

නාමල් නැතිව සැමරූ 'ඩී.ඒ. රාජපක්ෂ' ගුණ සැමරුම - මහින්ද ඉදිරියේ දයාන් ජයතිලක කියපු කතා | Ada Derana

දඹුල්ලේ ෆෝන් සොරකමකට පාකිස්තාන ජාතිකයෙකු කෑගල්ලෙන් කොටුවෙයි...'Whatsapp'ඔත්තුව ඵල දරයි| Ada Derana

දඹුල්ලේ ෆෝන් සොරකමකට පාකිස්තාන ජාතිකයෙකු කෑගල්ලෙන් කොටුවෙයි...'Whatsapp'ඔත්තුව ඵල දරයි| Ada Derana

සුරා මතින් ඇවිත් පෙර පාසල් දරුවෙකු අනතුරට ලක්කළ ට්‍රැක්ටර් රියදුරු...| Ada Derana

සුරා මතින් ඇවිත් පෙර පාසල් දරුවෙකු අනතුරට ලක්කළ ට්‍රැක්ටර් රියදුරු...| Ada Derana

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

වරද පිළිගත් ඩයනා...

වරද පිළිගත් ඩයනා...

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ  කියපු කතා එක පෙළට....

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ කියපු කතා එක පෙළට....

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana