
දකුණු කොරියාවේ දී සිදුවූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව හෙළිකරගැනීමට සෝන් නුවර පිහිට ශ්‍රී ලංකා තානාපත් කාර්යාලය සමත්ව තිබේ.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ, මෘත ශරීර කඩිනමින් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙන බවය.
මෙලෙස මියගොස් ඇත්තේ,
ගොඩකවෙල, රන්වල පදිංචිව සිටි 39 හැවිරිදි දෙහිපිටිය විදානලාගේ අනිල් කුමාර විජේරත්න,
වළපනේ, හල්ග්රාන්ඔය පදිංචිව සිටි 31 හැවිරිදි මහේෂ්වරන් ප්‍රශාන්තන්, යන අය වේ.
මෙම අනතුර හා මරණය සම්බන්ධයෙන් 'Hwaseong Seobu' පොලිස් ස්ථානය විසින් මෙරට තානාපති කාර්යාලයට ඊයේ (27) නිල වශයෙන් දැනුම් දී ඇත.
අදාළ අනතුර පෙරේදා (26) රාත්‍රියේ Jangan-myeon ප්‍රදේශයේදී සිදුව තිබේ.















































