header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
හින්දු ආගමික සංකේත සමග ළඟදීම විවෘතවන වාරණාසි ක්‍රීඩාංගණය
හින්දු ආගමික සංකේත සමග ළඟදීම විවෘතවන වාරණාසි ක්‍රීඩාංගණය
Mobitel 1278

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සංස්කෘතික හා ආගමික අනන්‍යතාවය විදහා දක්වමින් ඉදිකෙරෙණ වාරණාසි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙසැම්බර් 2 වැනිදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය.

අක්කර 30කට අධික භූමි ප්‍රමාණයක පැතිර පවතින මෙම ක්‍රීඩාංගණය සඳහා වැය කර ඇති ඇස්තමේන්තුගත පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 450කි.

ප්‍රේක්ෂකයින් 30,000කට එකවර තරග නැරඹීමේ පහසුකම් සහිත මෙම ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාව අවශ්‍යතාව අනුව 40,000 දක්වා ඉහළ නැංවීමටද සැලසුම් කර ඇත.

ශිව දෙවියන්ගේ සංකේත සහ වාරණාසි නගරයේ පෞරාණික ශිෂ්ටාචාරය ආභාෂය කරගනිමින් නිමැවුණු විශේෂිත ගෘහ නිර්මාණ ශිල්පයෙන්ද මෙම ක්‍රීඩාංගණය ඉදිකර තිබේ.

අඩ සඳ හැඩැති වහල ආවරණ, ත්‍රිශූලාකාර විදුලි ආලෝක කුළුණු , වාරණාසි ගංගා ඝාට් හි පඩිපෙළ රටාවලට අනුව සකස් කළ ප්‍රේක්ෂක ආසන සහ 'ඩමරු' (Damaru) වාද්‍ය භාණ්ඩයේ හැඩයෙන් නිර්මාණය කරන ලද මාධ්‍ය කුටිය ඊට අද්විතීය පෙනුමක් එක්කර ඇත.

උසස් තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මෙම ක්‍රීඩාංගණය තුළ ප්‍රධාන තණතීරු 9ක් සහ පුහුණුවීම් සඳහා වෙන්වූ අතිරේක තණතීරු 5ක් ස්ථාපිත කර ඇත.

එමෙන්ම මිලිමීටර් 100 දක්වා වන අධික වර්ෂාපතනයකදී වුවද මිනිත්තු 20-25ක් වැනි කෙටි කාලයක් ඇතුළත ක්‍රීඩා පිටිය නැවත තරග සඳහා සූදානම් කළ හැකි නවීන ජලාපවහන පද්ධතියක් මෙහි අන්තර්ගත වේ.

මීට අමතරව වාහන 1,500කට ආසන්න සංඛ්‍යාවකට නැවැත්වීමේ පහසුකම් සපයා ඇති අතර ඉදිරියේදී එය තවදුරටත් පුළුල් කිරීමට නියමිතය.

2023 සැප්තැම්බර් 23 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මුල්ගල තබන ලද මෙම ක්‍රීඩාංගණය, කාන්පූර්, ලක්නව්, ග්‍රේටර් නොයිඩා සහ සයිෆායි යන ස්ථානවලට පසුව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට එක්වන 5වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වනු ඇත.

ආරම්භක අදියරේදී දේශීය තරග පැවැත්වීමට අපේක්ෂිත මෙහි ඉදිරියේදී කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරග පැවැත්වීමටද උත්තර් ප්‍රදේශ් ක්‍රිකට් සංගමය සැලසුම් කර ඇත.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

වරද පිළිගත් ඩයනා...

වරද පිළිගත් ඩයනා...

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ  කියපු කතා එක පෙළට....

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ කියපු කතා එක පෙළට....

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

 "මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

"මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

 30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

වාසු අල්ලස් කොමිසමට

වාසු අල්ලස් කොමිසමට

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana