
ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ නගරාධිපතිවරයා සමඟ ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් තරුණයෙකු පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ගැටුම සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
නගරාධිපතිවරයා විසින් අදාළ තරුණයාට පහරදී ඇති අතර ඉන් අනතුරුව එම තරුණයා විසින් නගරාධිපතිවරයාගේ කැබ් රථයට පහර දී ඇත.
පලතුරු වෙළෙඳාමේ නිරත මෙම තරුණයා නගරාධිපතිවරයාගේ පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.
අදාළ තරුණයා පවත්වාගෙන ගිය තාවකාලික වෙළෙඳ කුටිය ඉවත් කිරීමට නගර සභාව පියවර ගෙන තිබූ බවත්, ඉන් අනතුරුව එම ස්ථානයේ යළි වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් මෙම ගැටුමට හේතු වී ඇති බව ද වාර්තා වේ.















































