
ලබන 30 වැනිදා දිවයින පුරා පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා සහය පළ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය හෙට (29) දින ගන්නා බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
කෙසේ වෙතත් ඔවුන් මුහුණ දෙන අසීරුතා හේතුවෙන්, විරෝධතා සඳහා ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ සේවකයින්ගේ සහාය ලබාදිය යුතු බවට දිවයින පුරා සිටින් ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් සහ සේවකයින්ගේ ඉල්ලීම් ලැබෙමින පවතී.
ඒ අනුව ඉන්ධන බෙදා හැරීමේ ආයතන දෙකක් තම බෙදුම්කරුවන් වෙත ලබා දුන් වට්ටම් ප්‍රතිශතය 2025 වර්ෂයේ සිට අසාධාරණ ලෙස අඩු කිරීම හේතුවෙන් ව්‍යාපාර පවත්වාගෙන යාම අපහසු බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.
අනීතික ලෙස වැට් බදු අය කිරීම දරාගත නොහැකිවීම, පුද්ගලික සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබානොදීම සහ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලු සඳහා රජය හා කළමණාකාරීත්වය මැදිහත් නොවීම සහ සංවේදී නොවීම යන ගැටලු ද ඊට ඇතුළත්ය.
එමෙන්ම ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් නිසි නියාමකවරයෙකු පත්කිරීම මෙතෙක් සිදු කර නොමැති අතර වහාම නියාමන කොමිෂන් සභාවක් යටතට ඉන්ධන බෙදාහැරීම පත් කිරීම යන ගැටලු හේතුවෙන් ඉන්ධන කර්මාන්තය සහ ඉන්ධන බෙදුම්කරුවන් දැඩි අසීරුතාවයට පත්ව සිටියි.
අවම වශයෙන් මෙම ගැටලු සාකච්ඡා කිරීමට අදාළ බලධාරින් සාකච්ඡාවක් හෝ ලබානොදීම හේතුවෙන් මෙම ගැටලු තවදුරයත් උත්සන්න වෙමින් පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට හමුවක් හෙට (29) දින පැවැත්වීමට සැලැසුම් කර ඇත.















































