header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
සිරගත වන භික්ෂූන්ට අදාළ නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර
සිරගත වන භික්ෂූන්ට අදාළ නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර
Mobitel 1278

සිරගත වන භික්ෂූන් වහන්සේ වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ අනුව එතැන් සිට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට  කටයුතු කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම පාදක කරගනිමින්, සිරගත වන භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ඒමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මහනායක මාහිමිපාණන් වහන්සේලා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් පසු ඒ හා සබැඳි ශාසනික හා සමාජීය කරුණු පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 08වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී වර්තමාන බන්ධනාගාර පද්ධතිය පාලනය වන 1877 බන්ධනාගාර ආඥා පනත සහ එහි රෙගුලාසි තුළ භික්ෂූන් වහන්සේලා උදෙසා වෙනම විශේෂ රෙගුලාසි සකස් වී නොමැති බවත්, පවතින නීති රාමුව තුළ නිලධාරීන් ක්‍රියා කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර දී තිබේ.

එබැවින් පවතින නීතිය අභිභවා තනි තනි පුද්ගලයන් උදෙසා නියෝග දීමට තමන් සූදානම් නොමැති බවත්, සිදු කළ යුතුව ඇත්තේ නීතිය වර්තමානයට අනුරූප වන පරිදි සංශෝධනය කිරීම බවත් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණි.  

මෙහිදී මහා සංඝරත්නය වෙනුවෙන් අනුනායක හිමිවරුන් සහ ලේඛකාධිකාරී හිමිවරුන් විසින් පෙන්වා දී ඇත්තේ, භික්ෂූන් වහන්සේ නමකට මෙවැනි තත්ත්වයක් උදාවීම සමස්ත මහා සංඝරත්නයටම සහ සමාජයට ඉතා සංවේදී කරුණක් බවය.

ඒ අනුව, යම් භික්ෂූන් වහන්සේ නමක් අධිකරණයකින් වරදකරු වී වසර 03කට අධික කාලයකට සිරගත කෙරෙන අවස්ථාවලදී, උන්වහන්සේ අයත් වන නිකායට හෝ පාර්ශ්වයට ඒ පිළිබඳ දැනුම් දී, එම නිකායේ හෝ පාර්ශ්වයේ අදහස් මත උන්වහන්සේලා විවෘතව බැහැරට රැගෙන යාමට අදාළ වන පරිදි රෙගුලාසි සකස් කිරීම සුදුසු බව මහා සංඝරත්නය විසින් යෝජනා කර ඇත.

එමගින් මෙම සහනය අවභාවිත කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන බවද උන්වහන්සේලා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

ජනාධිපතිතුමන් සහ මහා සංඝරත්නය අතර සාකච්ඡාවේදී එළඹුණු අදහස පරිදි, මෙම සංවේදී ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් අධ්‍යයනය කර බන්ධනාගාර ආඥා පනත යටතේ වන රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පසුගිය 08වැනි දිනම සාමාජිකයන් 05 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරන ලදී.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

මෙම විශේෂ කමිටුවේ පළමු රැස්වීම එහි සභාපති සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් සිදු කර ඇත.

එම කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදුකර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම සංශෝධනවල භික්ෂූන් වහන්සේට අදාළ යෝජනා, අදහස් ලබා ගැනීම සඳහා එලඹෙන සතියේ මැද වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ අනුව එතැන් සිට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු කෙරෙනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

RelatedNews
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

 හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

 වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට