
නිට්ටඹුව පොලිස් වසමේ දංගොල්ලවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
අදාළ පුද්ගලයා සහ ඔහුගේ දියණියගේ සැමියා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් බෑනා විසින් මෙම පහරදීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊයේ (10) සවස සිදු වූ මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
නිට්ටඹුව පොලිසිය සඳහන් කළේ, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉහළ දංගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු වන බවය.
අපරාධයෙන් පසු 26 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.





















































