
ඉන්දියාව සහ බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගාවලිය අතරතුර, දෙරටේ නායකයන් සමාජ මාධ්‍යයේ තැබූ උපහාසාත්මක සටහනක් මේ වනවිට ක්‍රිකට් ලොව අවධානයට ලක්ව තිබේ.
වාර්තාගත ලකුණු හඹායෑම් දෙකකින් පසු සිදුවූ සටහන අන්තර්ජාලය තුළ මේ වනවිට වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
පසුගියදා (සැප්. 30) ගුවහාති හි පැවති දෙවන එක්දින තරගයේදී බ.ඉ. කොදෙව් කණ්ඩායම ලකුණු 405/7ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.
කෙසේ වෙතත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් පන්දු 133කදී නොදැවී ලකුණු 223ක ඉතිහාසගත ඉනිමක් ක්‍රීඩා කරමින්, පන්දුවාර 43.3කදී එම ඉලක්කය ඉතා පහසුවෙන් පසුකර යාමට ඉන්දියාවට මඟ පෙන්වීය.
මෙම විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු ගිල් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් පළ කරමින්, '406? Cool'යනුවෙන් සටහනක් තබා තිබුණි.
කෙසේ නමුත් ඉන් දින කිහිපයකට පසු ඊයේ (09) රංචි හි පැවති දෙවන විස්සයි20 තරගයේදී තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
ඉන්දියාව ලකුණු 250ක අතිවිශාල ඉලක්කයක් කොදෙව් කණ්ඩායමට ලබා දුන් අතර, නායක ෂායි හෝප් පන්දු 45කදී නොදැවී ලකුණු 102ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
මෙය ජාත්‍යන්තර විස්සයි20 පිටියේ දෙවන හොඳම ලකුණු හඹායෑම ලෙස වාර්තා අතරට එක්විය.
ගිල්ගේ ක්‍රමයටම ප්‍රතිචාර දක්වමින් හෝප් ද සිය ජයග්‍රහණයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ '250? Cool'යනුවෙන් උපහාසාත්මක සටහනක් තබා තිබිණි.





















































