header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
රාජ්‍ය බැංකුවක රු.කෝටි 13ක් වංචා කළ නිලධාරියාට වසර 15ක සිරදඬුවම්
රාජ්‍ය බැංකුවක රු.කෝටි 13ක් වංචා කළ නිලධාරියාට වසර 15ක සිරදඬුවම්
Mobitel 1278

මෙරට ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක ප්‍රධාන මුදල් අයකැමි ලෙස සේවය කරමින් බැංකුවේ රුපියල් කෝටි 13කට අධික මුදලක් සිය පෞද්ගලික ගිණුමකට බැරකොට සාවද්‍ය පරිහරණය කළ තරුණ නිලධාරියෙකුට හෝමාගම මහාධිකරණය අද (09) සිරදඬුවම් නියම කළේය.

ඒ වසර 35ක සිරදඬුවම වසර 15කින් ගෙවී යන ලෙසය.

මෙරට ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක ප්‍රධාන මුදල් අයකැමි ලෙස සේවය කළ වයස අවුරුදු 31ක තරුණයෙක් එම බැංකුවෙන් රුපියල් කෝටි 13කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබුණේ ඉකුත් වසරේ මැයි මාසයේදීය.

ඒ අනුව කෙටි කලක් තුළ ඉතා සංකීර්ණ සාක්ෂි විමසීමකින් පසු හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මිය අද එහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

චූදිතට එරෙහි පළමු අධිචෝදනාව වූයේ 2025 මැයි මාසයේදී මෙම රාජ්‍ය බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමි ලෙස සිටිමින් රුපියල් කෝටි 13කට අධික මුදලක් සිය පෞද්ගලික ගිණුමකට බැරකර ගැනීමය.

එම බැංකුවේම දෙහිවල ශාඛාවේ ඔහුගේ පෞද්ගලික ගිණුමකට රුපියල් කෝටි 11කට අධික මුදලක් බැර කරගැනීම දෙවන අධිචෝදනාව ලෙසත් තෙවැනි අධිචෝදනාව ලෙස බැංකුවේ ගිණුම්වල මුදල් මෘදුකාංග භාවිතයෙන් ව්‍යාජ මුදල් බවට පරිවර්තනය කිරීමත් සඳහන් වුණි.

මෙම අධිචෝදනා තුනටම තමා වරදකරු බවට චූදිත පිළිගැනීමෙන් පසු දඬුවම් තීරණය කිරීම සඳහා පළමුව නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

“ප්‍රධාන මුදල් අයකැමි වුණාම ස්වාමිනි යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් ඉක්මවන තැන්පතු සඳහා අනිවායර්යෙන්ම දෙවන පෙළ නිලධාරියෙකුගෙන් අවසර ගන්න අවශ්‍යයි. මෙම වංචාව සිදුවූ දිනයේ සවස ගිණුම් පරීක්ෂා කරද්දි තමයි මෙම නඩුවේ සාක්ෂි ලබාදුන් බැංකුවේ කළමනාකාරිනියට හෙළි වෙන්නේ රුපියල් කෝටි 13කට අධික මුදලක් පෞද්ගලික ගිණුමකට බැරවෙලා කියලා. ඒ කියන්නේ මෙම චූදිත හැකියාව, නිපුණත්වය භාවිත කරලා තනතුරේ විශ්වාසය කඩකරලා දැන දැනම මෙම වංචාව සිදුකරලා”

අනතුරුව දඬුවම් ලිහිල් කරගැනීම සඳහා චූදිතයාගේ නීතීඥයන් පෙනී සිටියේය.

''ස්වාමිනි මෙම චූදිත වයස අවුරුදු 31ක ඉගෙන ගත්ත තරුණයෙක්. මේ වංචාව වෙන්න දින දෙකකට කලින් චූදිතට සමාජ මාධ්‍ය ඔස්සේ Link එකක් හරහා ආරාධනයක් එනවා මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් ආයෝජනය කරන්න කැමතියිද අහලා. ඔහු ඒ Link එකට යනවා. පොඩි මුදලක් දැම්මාම ලොකු මුදලක් ලැබෙනවා. ඔහු ඔහුගේ පෞද්ගලික විස්තර, සේවය කරන බැංකුව ආදි විස්තරත් මෙම ලින්ක් එක හරහා ලබාදෙනවා. මේ ක්‍රීඩාව දිගින් දිගටම කරද්දී ඔහු අයෝජනය කරන මුදල් නැවත ඔහුට ලැබෙන්නේ නැති වෙනවා. ඔහුට වැටහෙනවා මේක ස්කෑම් එකක් කියලා. ඒ අනුව මේ ප්‍රශ්නය සිදුවූ දින තම මුදල් නැවත ලබාදෙන ලෙස ඔහු මෙම ලින්ක් එක හරහා ඉල්ලා තිබෙනවා. එම මුදල් ලබාදීමට නම් රුපියල් දහතුන්කෝටි පනස් එක් ලක්ෂ දෙදහස් නවසිය පනස් හතයි ශත හැත්තෑ පහක මුදලක් තැන්පත් කරන ලෙසත් ඔහුට දැනුම්දී තිබෙනවා. ඒ අනුවයි ස්වාමිනි මේ චූදිත අදාළ මුදල බැංකුවෙන් ගන්නේ''

එහිදී චූදිතගේ නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ,

"ස්වාමිනි රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 13ක් පෞද්ගලික ගිණුමකට බැර කරන්න පුළුවන්ද බැංකුවේ ඉහළ නිලධාරින් නොදැනුවත්ව ?. විදෙස් ජාතිකයෙක් මේකේ මහමොළකරු ස්වාමිනි. අපේ රටේ තවත් රාජ්‍ය බැංකුවක ගිණුම් 11ක් විවෘත කරලා ඒ ගිණුම් විවෘත කළ අයට පොඩි කොමිස් මුදලකුත් දීලා. ඊටපස්සේ වංචාකළ මුදල් එම ගිණුම් 11ට බැරකරලා ඒවා ක්‍රිප්ටෝ කරලා සූක්ෂම ලෙස රටින් බැරකරලා ස්වාමිනි. චූදිත මුදල් අයකැමියෙක් විතරයි. පහළ තැනින්ම තමයි ජලය ගලාබැහැලා තියෙන්නේ මැතිනියනි. මේ වංචාකාරයින් ඔක්කොම අල්ලගෙන මුදල් ලබාගන්න ඕනේ ඒකයි දෙන්න ඕනේ ආදර්ශය. ඒ අනුව චූදිතගේ දඬුවම් ලිහිල් කරන මෙන් ඉල්ලා සිටිනවා."

ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකාබැලීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

''චූදිත නිරවශේෂ වශයෙන් වරද පිළිගැනීම සම්බන්ධයෙන් අධිකරණය මෙහිදී අවධානය යොමු කරනවා. ඒ වගේම මේක රටේ බොහෝ සාමාන්‍ය ජනතාව විශ්වාසයෙන් මුදල් තැන්පත් කරන බැංකුවක්. මෙමගින් සමාජයට ආදර්ශයක් පණිවිඩයක් ලබාදෙන්න ඕනේ. ඒ අනුව,

පළමු අධිචෝදනාවට චූදිතට බරපතළ වැඩ සහිත වසර 15ක්, දෙවන අධිචෝදනාව සඳහා බරපතළ වැඩ සහිත වසර 15ක් හා තුන්වන අධිචෝදනාව සඳහා වසර 5ක ලිහිල් වැඩ සහිතව සිරදඬුවම් නියම කරනවා. මෙම සිරදඬුවම් වසර 15කින් ගෙවී යා යුතු අතර දැනට සිරගතව සිටි කාලයට අදාළ දඬුවමින් ගෙවී යායුතු බවට නියෝග කරනවා''

"එසේම අදාළ රාජ්‍ය බැංකුවෙන් වංචාකළ බවට චෝදනා එල්ල වූ රුපියල් කෝටි 13කට අධික මුදල වන්දියක් ලෙස එම බැංකුවට නැවත ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් වසර 4ක සුළුවැඩ සහිත සිරදඬුවම් නියම කරන ලෙසටද මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළේය." 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

"160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana