
සෞදි අරාබියට එල්ල වන හූති මිසයිල ප්‍රහාර තීව්‍ර වෙමින් පවතින පසුබිමක, රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සිද්ධියෙන් පසු ගුවන්තොටුපොළේ ඇතැම් කොටස්වල සිටි මගීන් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ගිලන් රථ රැසක් ගුවන්තොටුපොළ වෙත කැඳවා ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, සිදුවීමෙන් සිදුව ඇති හානි සහ තුවාලකරුවන් පිළිබඳ නිල තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් ගුවන් තොටුපළට එල්ල කරන ලද ප්‍රහාර දෙකකින් ගුවන් නියමුවෙකු ඇතුළු සෞදි ජාතිකයින් තිදෙනෙකු මිය ගිය බවට වාර්තා වී දින දෙකකට පසුව බවය.
මේ අතර සෞදි අරාබියේ පිහිටි බටහිර තානාපති කාර්යාල ඔවුන්ගේ පුරවැසියන්ට ගුවන් තොටුපළින් ඉවත්ව සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.
එමෙන්ම ගල්ෆ් ගුවන් සමාගම් කිහිපයක් ගුවන් තොටුපළට සහ ඉන් පිටතට ගුවන් ගමන් අවලංගු කර ඇති අතර බව ද මේ වන විට වාර්තා වේ.





















































