header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දුන් හේතුව හිටපු ජනපති රනිල් කියයි
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දුන් හේතුව හිටපු ජනපති රනිල් කියයි
Mobitel 1278

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරගත කිරීමෙන් අනතුරුව ආගමික සහ විනය පිටකය පිළිබඳ ගැටලුවක් නිර්මාණයවී ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ - මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති එක්සත් ජාතික පක්ෂ නීතීඥයින් සමග පැවැති හමුවේදීය.

“ඥාණසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට පැමිණ බාධා කරනු ලැබුවා. එවිට එතැන හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක ඒ ගැන ක්‍රියා කරන්න දැනුම් දීම කළා. අභියාචනාධිකරණය හාමුදුරුවන්ට සිරදඬුවම දුන්නා.

එදා හාමුදුරුවන් බන්ධනාගාරයට යවද්දී සිවුර ඉවත් කළේ නැහැ. මේ ගැන තලතා අතුකෝරළ එවකට අධිකරණ ඇමතිනිය කොටපිටියේ රාහුල හාමුදුරුවන්ට යැව්ව ලිපිය මා ළඟ තිබෙනවා. ලිපියේ සිවුර ඉවත් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තිබුණි. අවුරුද්දක් ගියාට පසු ඇතැම් සංඝයා වහන්සේලා මාව හම්බවෙලා කිව්වා 'දැන් ඉතින් කොහොමත් ඥාණසාර හාමුදුරුවන්ට අපේ ආශ්‍රයේ වැඩකටයුතු කරන්න සිදුවෙනවා. අනෙක සිවුර අරින එක බලන්නේ අපරාධ නඩුවලදී පමණයි. පාරාජිකා තත්ත්වයට පත්වුණාම සිවුර අයින් කරන්න පුළුවනි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඒත් උසාවියට බාධා කිරීම, අවනම්බු කිරීම ඇත්ත වශයෙන්ම පාරාජිකා ක්‍රියාවක් නොවෙයි කියාත් ස්වාමීන් වහන්සේලා මා සමග පැවසුවා.

සංඝයා වහන්සේලා මෙසේත් කියා සිටියා,

සාමාන්‍යයෙන් එහෙම එකක් සිදුවුණා නම් ඒ සංඝයා වහන්සේ කැඳවා, අවවාද කර අදාළ නිකාය නැතිනම් පාර්ශවයේ කාරක සභා වලින් පසු භාවනා කරන්න හරි අප කල් දෙනවා. මේ අනුව තමයි කරන්නේ. පාරාජිකා නොවන කාරණයකට සිවුර ඉවත් කළොත් එය විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා 9 වැනි වගන්තියට පටහැනියි බුද්ධාගම ආරක්ෂා කිරීම ලෙස තිබු එක 1972 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බුද්ධ ශාසනය ලෙස කපා සංශෝධනය කළා යයිද සංඝරත්නය වැඩිදුරටත් මට සිහිපත් කර සිටියා.

මා කිව්වේ මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා බුද්ධාගම, බුද්ධ ශාසනය ආදී ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක කතා කරන්න. එතුමාට තමයි ජනාධිපති ලෙස මේ වගකීම තිබෙන්නේ. ඒ අය ගිහින් එතුමා එක්ක කතා කළා. අප අතරත් සාකච්ඡා වුණා, අපත් එතුමාත් එක්ක කතා කළා. අවුරුද්දක් ගියාට පසු හාමුදුරුවන්ගේ සිවුර ගලවා බන්ධනාගාරයට යවනවාද, නැතිනම් අවුරුද්ද ගිය දඬුවමක් දුන්න නිසා සමාව දී පිට කරනවාද? හැමදාම හාමුදුරුවන් මේ තත්ත්වයේ තියාගන්න බැහැනේ. කවුරු හරි මේක ප්‍රශ්න කරයි. 

එතුමාගේ තීරණය වුණේ දැන් අවුරුද්දක් ගත කළා, සමාව දී පිට කරමු කියලායි. ඒ අනුව තමයි සමාව දුන්නේ. ඒ ගැන ඉස්සෙල්ලා අප අතර කතා කළා මේකයි හොඳම එක කියා කැබිනට් එකේදීත් කතා කළා. අගමැති ලෙස අනෙක් ඇමතිවරුන් ගණනාවක් එක්ක කතා කර මෙහෙමයි මේක කරන්න ඕනෑ කියා මා ප්‍රකාශ කළා. බන්ධනාගාරයේ සිටියද සිවුර අයින් කළොත් ඔක්කොම අපේ ඇඟ උඩට දමයි. ඒ නිසා සමාව දෙන්න තීරණයා කළා. ඒ අනුව තමයි සමාව දුන්නේ. ඒක දුන්නේ නව වැනි වගන්තිය යටතේයි.

මා කාටවත් සමාව දුන්නේ නැහැ. ඒත් සාමාන්‍යයෙන් නිදහස් දිනයේ, වෙසක් දිනයේ එහෙම සිරකරුවන්ගේ කාලසීමාව අඩු කර නිදහස් කරනවා. ඒවාට හේතු දුන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා වුණේ ලේකම්තුමා ඇවිල්ලා මොකක්ද කරන්නේ වෙසක් එකට කියා අහනවා. 

විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ'පුළුවන් තරම් පිට කරන්න, මේක පිරිලා තිබෙන්නේ, තව ගන්න බැහැ කියලයි. මා කිව්වේ විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට කතා කර පුළුවන් හැම කෙනාටම සමාව දෙන්න කියලයි. මා වාචිකව කිව්වා මිස වෙන මොකුත් ලියන්න ගියේ නැහැ. වෙසක් දිනයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එහෙම කළා. මේක විතරක් නොවෙයි, ඇත්ත වශයෙන්ම අනෙක් කරුණුවලදී ද අප හේතු ලියන්නේ නැහැ.

එංගලන්තයේ එක එක හේතු ලියනවා. හුඟක් රටවල්වල එහෙම නැහැ. අප කතා කරන්නේ ලේකම් සමගයි. දැන් ලේකම්ට හැන්ඩ්ෆෝන් එකෙන් කතා කරන්න පුළුවනි. අනෙක් අය ඊමේල් දානවා, මේගොල්ලෝ අද ඔක්කොම ඊමේල් කරනවානේ? එහෙම යනවිට මිනිට් (සටහන්) තියාගන්න එක ප්‍රශ්නයක් වෙනවා. AI ඇහුවාම මොනවා වෙයිද කියා මා දන්නේ නැහැ. 
මා දන්නවා අනෙක් රටවල්වලත් සටහන් තියන්නේ නැහැ. මා නම් ඒක කර නැහැ, අගමැති හැටියටවත් සටහන් තබා නැහැ. සාම ගිවිසුමේ මා මිනිට් (සටහන්) තැබුවා කරුණා අප සමග ඉන්නවද?

ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරවරයා සම්බන්ධයෙන් මෙතැන ප්‍රශ්නයක් ඇහුවා.

ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරතුමාට 'දලිත්' කියා පහත් විදියට බැනලයි සපත්තුවෙන් ගැහුවේ. නිකන් සපත්තුවෙන් ගැහුවේ නැහැ, දලිත් කියා ගැහුවා. ඒ කුලය මතක් කරලයි. ඉන්දියාවේ හුඟක් වෙලාවට අවවාද කරනවා, නැතිනම් මාසයක් විතර තියාගෙන පිට කරනවා.

ප්‍රශ්නය නිසා අනෙක් ආගම්වලට හානියක් වුණේ නැහැ. මේ ප්‍රශ්නය නිසා ඥාණසාර ස්වාමීන් වහන්සේට දඬුවමක් දුන්නා. ඊට පසුව ඇති වු ප්‍රශ්නය වූයේ විනය කඩ කර සිවුර අයින් කරනවාද, විනය ආරක්ෂා කර පිට කරනවාද යන්නයි. මෙය ආගමික ප්‍රශ්නයක් වනවා. මෙතැනදී බෞද්ධ මතය ප්‍රකාශ වුණා. ඒ බහුතරයේ මතයයි. කොහොමද ඒකට විරුද්ධව CPA යන්නේ? මේවට නම් අපට සහයෝගය දෙන්න බැහැ. මේක හරි නැහැ. ඒක වැරදියි. මේක ආගමික ප්‍රශ්නයක් වෙලා.

උන්වහන්සේට දඬුවම් නොකෙරුවා නම් ඒක වෙන එකක් වනවා. නැතිනම් නඩු තීන්දුව දුන්න දවසේම සමාව දුන්නා නම් වෙනත් තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේකෙන් පසුව ආවේ ආගමික සහ විනය පිටකය පිළිබඳ ප්‍රශ්නයක්.”

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana