
කළුතර, නාගොඩ ප්‍රදේශයේ ඊයේ (09) පෙරවරුවේ අවහන්හලක් ඉදිරිපිට වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සහ කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ප්‍රධාන සැකකරු වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරු කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ සිට බස් රථ මගින් මඩකලපුව දක්වා පලායමින් සිටියදී නාවල්අඩි හන්දියේදී මාර්ග බාධක යොදා අදාළ බස් රථය නවතා එය පරීක්ෂා කරන මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සිම්පත් 06ක් ද සොයාගෙන ඇති බව සඳහන්ය.






















































