
මාතලේ, ගම්මුල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුට අද (10) පහරදීමක් සිදුව තිබේ.
එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනෙකු මේ වනවිට යටවත්ත රෝහලට ඇතුලත් කර ඇත.
අදාළ පහරදීම සම්බන්ධයෙන් යටවත්ත පොලිසිය විසින් මේ වනවිට පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පහරදුන් සැකකරුවන් පොලිස් නිලධාරීන් ගමන්කළ ත්‍රිරෝද රථයටද හානි කර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් පිරිස මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පැවසීය.





















































