header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
''ඉන්ධන සැපයුම සීමා කරමින් ජනතාවට පීඩා කළොත් නීතිමය පියවර'' - බලශක්ති ඇමති
''ඉන්ධන සැපයුම සීමා කරමින් ජනතාවට පීඩා කළොත් නීතිමය පියවර'' -  බලශක්ති ඇමති
Mobitel 1278

පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කර පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු කළහොත්, ඊට එරෙහිව නීත්‍යානුකූලව ගත හැකි සියලු පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල එම ප්‍රතිශතයෙන්ම ඉහළ නංවා නොමැති බවය.

රජය විසින් ඉන්ධන මිල වැඩිවීම්වලට අදාළව විශාල කොටසක් සහනාධාර ලෙස අවශෝෂණය කරගෙන ඇති බවත්, මීට පෙර රුපියල් බිලියන 57ක් සහනාධාර සඳහා වෙන් කළ අතර ඉදිරි මාස තුන සඳහා තවත් බිලියන 41ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන මිලෙන් කොටසක් දරාගන්නා ලෙස පෞද්ගලික සමාගම්වලට දන්වා ඇති නමුත්, සමහර පෞද්ගලික ඉන්ධනහල් මඟින් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමට උත්සාහ ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

අදාළ ගිවිසුම්වලට අනුව මිල සූත්‍රයට හා පිරිවැය පාදක කරගත් මිලකරණයකට යෑමට ඔවුන්ට අවස්ථාව ඇති මුත්, පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ  බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා,

''රුපියල් දහයක තෙල් මිල වැඩි වෙනකොට, රුපියල් හැත්තෑවක සහනාධාරයක් රජය හැටියට ලබා දීලා තියෙනවා කියන එක කවුරුත් කතා කරන්නේ නෑ. අනිත් එක තමයි, පෙබරවාරි මාසයට සාපේක්ෂව ලෝකයේ මේ වෙනකොට කොච්චර ප්‍රතිශතයකින් තෙල් මිල ඉහළ ගියාද කියන එක. ඒවා කල්පනා කරන්නේ නැතුව තමයි සමහර ප්‍රශ්න සමාජයෙන් අහන්නේ. ඉතින් එහෙම බැලුවහම, අපි ලෝක වෙළඳපොළට සාපේක්ෂව ඒ ප්‍රමාණයටම තෙල් මිල වැඩි කරලා නෑ...

ඒ වගේම තමයි අපි කලින් සැරේ බිලියන පනස් හතක් වෙන් කළා සහනාධාර ලබා දෙන්න. දැන් ඉදිරි මාස තුන සඳහා බිලියන හතළිස් එකක් සහනාධාර සඳහා වෙන් කරලා තියෙනවා. එතකොට, මේ වැඩි වෙච්ච තෙල්වල මිලෙන් කොටසක් අපි රජය හැටියට සහනාධාර ලෙස අවශෝෂණය කර ගන්නවා. ඒ වගේම, ඉතිරි කොටසෙන් කොටසක් අපි අදාළ සමාගම්වලට කියනවා, "අපි මේ ඉන්නේ දුෂ්කර අවස්ථාවක, ඉතා විශාල වශයෙන් තෙල් මිල වැඩි කරන්න පුළුවන් කාලයක් නෙමෙයි, ඒ නිසා ඔවුන් ඒකෙන් කොටසක් දරාගන්න ඕනේ" කියලා. ඒකෙන් සුළු කොටසක් තමයි ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන්නේ...

මේ දවස්වල සමහර පෞද්ගලික ඉන්ධනහල් සම්බන්ධයෙන් විශාල කතාබහක් තියෙනවා. ඔවුන් තෙල් සැපයුම සීමා කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ, ඒගොල්ලෝ කියන විදිහට මිල වැඩි කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ කියලා. ඒ නිසා, අදාළ ගිවිසුම්වලට අනුව, තමන්ගේ මිල සූත්‍රයට සහ පිරිවැය පාදක කරගෙන මිලකරණයකට යන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. කැමති නම් ඒක භාවිතා කරාට කමක් නැහැ...

මෙහිදී, හැබැයි ඒගොල්ලෝ දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරනවා නම්, නීත්‍යානුකූලව අපිට ගන්න පුළුවන් පියවර ටික ගැනීමට අවධානය යොමු කරලා තියෙනවා. අවසානයේදී, මේ අය මෙතනට ගේනකොට කිව්වේ, තරගකාරී වෙළඳපොළකින් ඉන්ධන පාරිභෝගිකයන්ට සාධාරණයක් කරන්න පුළුවන් කියලා...

නමුත් මේ පෞද්ගලික අංශයේ මැදිහත්වීම දැන් වෙලා තියෙන්නේ, ඒගොල්ලන්ගේ බලපෑම නිසා විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ දමන්න කියන බලපෑමක් කිරීමයි. රජයක් හැටියට අපි කීයටවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආයෝජකයන් අපහසුතාවයට පත් කරන එක නෙමෙයි අපේ බලාපොරොත්තුව; ඒ වගේම, ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන එකත් අපේ කාර්යභාරය නෙමෙයි...''
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

"160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana