header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
යුරෝපයට පනින්න ගිහින් 'රන් මල්ලි' බල්ගේරියාවේදී කොටුවෙයි
යුරෝපයට පනින්න ගිහින් 'රන් මල්ලි' බල්ගේරියාවේදී කොටුවෙයි
Mobitel 1278

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චරිත් සඳකලුම් හෙවත් 'රන් මල්ලි' බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදන සහ දේශසීමා ආරක්ෂක දත්ත පද්ධති පදනම් කරගනිමින් බල්ගේරියානු ආරක්ෂක අංශ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලීසිය විසින්ද තහවුරු කර ඇති අතර, ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා උදර්පන නීතිය යටතේ ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චරිත් සඳකලුම්, දීර්ඝ කාලයක සිට ඩුබායි හි රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත.

ඔහු දැනට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් 'හරක්කටා'ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානතම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ජාත්‍යන්තර වැටලීම්වලින් බේරීම සඳහා ව්‍යාජ තොරතුරු භාවිත කරමින් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී මොහු මෙලෙස බල්ගේරියානු ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මෙරටට භාර ගැනීමෙන් පසු කිරින්ද අයිස් ජාවාරම, මූල්‍ය විශුද්ධිකරණය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

'රන් මල්ලි'ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා

කිරින්ද මහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම

2025 නොවැම්බර් 12 වැනිදා කිරින්ද අන්දගලවෙල්ල වෙරළ ප්‍රදේශයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය, තංගල්ල අපරාධ කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ( PNB) එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් කෝටි 30කට වඩා වටිනා කිලෝ 345ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනුණි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ සැබෑ හිමිකරු ඩුබායිහි සැඟව සිටින රන් මල්ලි බව පොලිසිය තහවුරු කළ අතර, ඩුබායි හි සිට සැකකරුවන්ට රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් ගෙවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඔහු උපදෙස් දී තිබුණි.

මෙම සිදුවීමට අදාළව සැකකරුවන් 8ක් සහ වාහන 6ක් අත්අඩංගුවට ගත් අතර, තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දින 7ක රඳවා තැබීමේ නියෝගද ලබාගෙන ඇත.

කොට්ටාවේ මුදල් වැලලීමේ සිදුවීම

2021 ජූලි මාසයේදී කොට්ටාව (පන්නිපිටිය) ප්‍රදේශයේ කුලී නිවසක වළලා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියන 13.9ක මුදලක් සොයාගැනීමට පොලිසිය සමත් විය.

අදාළ නිවස කුලියට ගෙන සිටි රන් මල්ලිගේ බෑනනුවන් වන දිනේෂ් ලක්මාල් නමැත්තා අත්අඩංගුවට ගැනුණු අතර, මෙරට මුදල් පාලනය සඳහා රන් මල්ලි විසින් ඔහුව යොදවාගෙන තිබූ බව අනාවරණය විය.

ගැඹුරු මුහුදේ හෙරොයින් ජාවාරම

2022 වසරේදී හම්බන්තොට මහා රාවණා කොටුව ආසන්න මුහුදේදී නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අත්අඩංගුවට ගත් කිලෝ 331ක හෙරොයින් තොගය පිටුපසද රන් මල්ලි සිටින බවට තොරතුරු වාර්තා වී තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට