
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමට භික්ෂූන්වහන්සේට මිස වෙනත් කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් පවසයි.
උන්වහන්සේ මේ අදහස් පළකළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.
"ඓතිහාසික වශයෙන් මේ රටේ බෞද්ධ රටක්. බුද්ධාගම ආරක්ෂා කිරීම, අපගේ වගකීම යුතුකමක්. ලියුමකුත් යැව්වා. ජනාධිපතිතුමන්ටත්. අනික අපේ මේ සංඝ සභාවේ උන්වහන්සේ කෙනෙක්, දක්ෂ කථිකයෙක්, ධර්ම දේශකයෙක්. ආයෙත් ඉල්ලලා තියෙනවා දිනයක්. ජනාධිපතිවරයා හමුවෙන්න. ඒ සිවුර ගලවන්න, භික්ෂූන් වහන්සේලාටම මිසක් වෙන කාටවත් බැහැ. සිවුර ගැලෙව්වේ නැත්නම් ඉවසන්න පුළුවන්. සිවුර ගලවන්න කිසි අයිතියක් නැහැ. ලංකාවේ තුන් නිකායම සියයට අනූ නමයක්ම ඒක විරුද්ධයි. ඒ කරපු දේට. කෝට්ටේ සංඝ සභාවේ මහනායක මම. නිකන්හරි කෝට්ටේ සංඝ සභාවෙන් අහන්න ඕන මේ තීන්දුව ගන්නකොට."





















































