
ත්‍රිකුණාමලයට පැමිණීමට නියමිතව සිටි විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන ඒම සඳහා කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් අද (11) අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
හබරණ පොලිස් වසමට අයත් ජක්ක පංගුව ප්‍රදේශයට ආසන්න 144 වැනි කිලෝමීටර් කණුව අසලදී අද අලුයම 3.00ට පමණ මෙම ගින්න හටගෙන තිබේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු සහ සහායකයා පමණක් සිට ඇති අතර, ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදු නොවී දිවි බේරා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.
ත්‍රිකුණාමලයට පැමිණීමට නියමිතව සිටි විදේශීය සංචාරකයන් රැගෙන ඒම සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





















































