යුක්තියෙන් තවත් පිරිසක් අත්අඩංගුවට

යුක්තියෙන් තවත් පිරිසක් අත්අඩංගුවට

January 1, 2024   08:55 am

‍යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (01) අලුයම 12.30න් අවසන් වු පැය 24 තුළ සැකකරුවන් 1,229 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 440ක්, අයිස් ග්‍රෑම් 260ක්, ගංජා කිලෝ ග්‍රෑම් 15යි ග්‍රෑම් 300 සහ තවත් මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගත් බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන්ගෙන් 86 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 40 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට තීරණය කර ඇති බව පොලීසිය පැවසුවේය.