ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු ඔස්ට්‍රේලියාවේ සම්මාන දෙකක් අභියස
March 9, 2025 03:26 pm
ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාරහිමියන් වෙනුවෙන් පිරිනමන Australian Small Business Champions Award 2025 සම්මාන උළෙල මෙවරත් 26 වන වතාවට සිඩ්නි හි දී පැවැත් වේ.
සම්මාන උළෙල සඳහා සෑම ප්‍රාන්තයකම සිටින කුඩා ව්‍යාපාරහිමියන් අයදුම් කරයි. එම සම්මාන උළෙලේ කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුවන ලලන්ත ද සිල්වා මහතාගේ Groovy Graphics and Signs ආයතනය නිර්දේශ වී තිබීම විශේෂත්වයකි.
ඔස්ට්‍රේලියාවේ සියලූම ප්‍රාන්තවල සිටින කුඩා ව්‍යාපාරහිමියන් 5,500 දෙනෙකු මෙවර සම්මාන උළෙල සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි.
පැවති අධික ඉල්ලුම හේතුවෙන් අයදුම්පත් භාරගැනීමේ කාලය සති දෙකකින් දීර්ඝ කිරීමටද සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ලලන්ත ද සිල්වා මහතාගේ Groovy Graphics and Signs ආයතනය සම්මාන උළෙලේ අවසන් වටය සඳහා BUSINESS SERVICES සහ RETAIL SOLE OPERATOR යන කාණ්ඩ දෙක සඳහා නිර්දේශ වී ඇති බව සංවිධායක මණ්ඩලය දැනුම් දී ඇත.
Graphic Designer සහ Sign Writerවරයෙකු වන ලලන්ත ද සිල්වා මහතා Groovy Graphics and Signs ආයතනය ආරම්භ කර තිබුනේ 2000 වසරේ දීය.
වසර 25කට ආසන්න කාලයක් එම ආයතනය විසින් ඔස්ට්‍රේලියාවේ Signage industry එක සඳහා කර ඇති මෙහෙය වෙනුවෙන ඔහු පසුගිය වසරේ ඇගයීමටද ලක්වුණි.
ඔස්ට්‍රේලියාවේ සියලූම ප්‍රාන්තවල සිටින ලියාපදිංචි කුඩා ව්‍යාපාරහිමියන් ඉලක්ක කර, ඔවුන් දිරි ගැන්වීම සඳහා සිදුකරනු ලබන එකම සම්මාන උළෙල මෙය වේ.