දුම්රිය අනතුරින් චීන කතට බරපතළයි

දුම්රිය අනතුරින් චීන කතට බරපතළයි

March 9, 2025   06:29 pm

උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන්ගත් විදෙස් ජාතික කාන්තාවක් අද (09) උදෑසන ඉදල්ගස්හින්න බිංගෙය අසළ දී දුම්රියෙන් ඇඳවැටී බරපතළ තුවාල ලබා ඇත.

ඇය හපුතලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර පසුව බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ 35 හැවිරිදි චීන ජාතික කාන්තාවකි.

අනතුරට පත් කාන්තාව දුම්රියෙන් එළියට හිසදමා ගමන්කර ඇති අතර, එහිදී ඉදල්ගස්හින්න 19 වන බිම්ගෙයි හිස වැදීමෙන් අනතුරුව දුම්රියෙන් වැටී ඇත.

ඇගේ හිසට හා පාදයට බරපතළ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් ඇය දුම්රියෙන්ම රැගෙන විත් 1990 ගිලන් රථ සේවය මඟින් රෝහල්ගත කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.