උඩරට දුම්රිය මාර්ගයේ පීලිපැනීමක්

උඩරට දුම්රිය මාර්ගයේ පීලිපැනීමක්

March 9, 2025   09:19 pm

බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන 1008 දුම්රියේ එන්ජිම නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේදී පීලිපැනීමකට ලක්ව තිබේ.

ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වේ.

කොළඹ සිට බදුල්ල දක්වා ගමන් ගන්නා රාත්‍රී තැපැල් දුම්රිය ගම්පොළින් නවතා බස් මාර්ගයෙන් මගීන් ප්‍රවාහනයට කටයුතු යොදමින් සිටින බව ද වාර්තා වේ.

එමෙන්ම බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන තැපැල් දුම්රිය නාවලපිටියෙන් නවතා බස් මාර්ගයෙන් ගම්පොළ දක්වා ගෙන්වා ගැනීමට නියමිත බව ද අප වාර්තාකරු පැවසීය.