ඉන්දියාවට ලකුණු 252ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 252ක ඉලක්කයක්

March 9, 2025   06:22 pm

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (9) පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 251ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 252ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.

නවසීලන්ත ඉනිම ඔසවා තැබූ ඩැරිල් මිචෙල් පන්දු 101කදි ලකුණු 63ක් රැස්කළේය.

ඊට අමතරව මිචෙල් සැන්ට්නර් නොදැවී ලකුණු 53ක් රැස්කිරීමට සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් වරුන් චක්‍රවර්තී (2/45) හා කුල්දීප් යාදව් (2/40) කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය.

මෙම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ.