සටන් විරාමයට හමාස් සුදානමින්
සයුරෙන් එතෙර

සටන් විරාමයට හමාස් සුදානමින්

March 9, 2025   02:51 pm

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සඳහා වන සාකච්ඡා සඳහා සහභාගී වීමට හමාස් සංවිධානය සුදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව හමාස් සංවිධානයේ නියෝජිතයින් ඊජිප්තුවේ කයිරෝ නුවරදී සටන් විරාමයට අදාළ මැදිහත්කරුවන් සමග මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර සටන් විරාම ගිවිසුමට අදාළ සාකච්ඡා සඳහා සිය කණ්ඩායමක් කටාර් රාජ්‍ය වෙත පිටත් කර හැරීමට කටයුතු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.

ගාසා තීරයේ යළි සටන් විරාමයක් ප්‍රකාශ කිරීමේදී හාමාස් සහ ඊශ්‍රායලය අතර මැදිහත්කරුවන් ලෙස ඊජිප්තුව සහ කටාර් රාජ්‍ය කටයුතු කරයි.

ගාසා තීරයේ පළමු සටන් විරාමය මාර්තු මස 01 වනදායින් අවසන් වුණි.