රුසියා යුක්‍රේන යුද්ධයේ මැදිහත්කරුවෙකු වෙන්න ඉන්දියාව සූදානම්
සයුරෙන් එතෙර

රුසියා යුක්‍රේන යුද්ධයේ මැදිහත්කරුවෙකු වෙන්න ඉන්දියාව සූදානම්

March 21, 2024   05:45 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සමග සාකච්ඡා පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ දුරකථන ඇමතුමකින් ඔවුන් අදහස් හුවමාරු කර ගෙන ඇති බවය.

එහිදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී ඇතැයි ද සඳහන් ය.

රුසියානු ජනාධිපතිවරයා අමතා මෝදි පවසා ඇත්තේ යුද්ධය විසඳීමේ මාර්ගයක් ලෙස සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරය නැවත අවධාරණය කරන බවය.

එහිදී රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනයක් සිදු කර තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා අමතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ සාම ක්‍රියාවලියක මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බවය.