විදුලිසැර වැදී පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

විදුලිසැර වැදී පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

April 27, 2024   11:16 am

තෙල්දෙණිය, කරල්ලියද්ද ප්‍රදේශයේ දී විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.

සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ආයතනයක කම්බි කපමින් සිටි පුද්ගලයෙකු මෙලෙස විදුලිසැර වැදීමෙන් අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය. 

පසුව ඔහු තෙල්දෙණිය රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී මියගොස් ඇති බව සඳහන් වේ.

මියගොස් ඇත්තේ 62 හැවිරිදි කටුකිතුල, උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.