තරුණයෙක් අවාසනාවන්ත ලෙස දිවියට සමුදෙයි

තරුණයෙක් අවාසනාවන්ත ලෙස දිවියට සමුදෙයි

April 27, 2024   10:27 am

වැලිකන්ද,  සිංහපුර මාර්ගයේ 07 වන කිලෝ මීටර් කණුව අසල සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ තරුණයා යතුරුපැදයකින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 20 හැවිරිදි වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.