බියගම පොලීසිය සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමේ තවත් තොරතුරු එළියට
April 27, 2024 01:19 pm
බියගම පොලීසියට ලැබුණු තොරතුරු අනුව සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 81ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 527ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 941ක් සොයාගෙන තිබුණි.
ඒ බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහු පදිංචි නිවස සහ නිවසේ තිබූ කාර් රථය පරීක්ෂා කිරීමේදීය.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි බෝමරිය කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබී තිබුණේ මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.
ඊයේ (26) රාත්‍රියේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 310ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 310ක් බැගින් ඔවුන් දෙදෙනා සන්තකයේ තබාගෙන සිටියදීය.
පොලීසිය සඳහන් කළේ එම සැකකරුවන් 31 සහ 40 යන වයස්වල පසුවන කඩුවෙල සහ සියඹලාපේ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.