NMRA හිටපු CEO අධිකරණය ට 

NMRA හිටපු CEO අධිකරණය ට 

May 9, 2024   11:23 am

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අධිකරණය වෙත රැගෙන ආ බව අප වාර්තාකරු පවසයි.

අප වාර්තාකරු පැවසුවේ ඔහුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බවයි.
 
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව ඊයේ (08) අත්අඩංගුවට ගැනුණි.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ය.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නේය.