තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

April 27, 2024   10:48 am

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම  භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බව තායිවාන බලධාරීන් සඳහන් කර ඇත.

මේ මස මුලදී ද තායිවානයේ ඇති වූ භූකම්පනයකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර  එහිදී පසු කම්පන 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.