මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයෙක්
October 30, 2025 01:42 pm
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේ.පී.එන් තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා පත්කර තිබේ.
ඒ අනුව අද (30) දින ඒ මහතා සිය තනතුරේ රාජකාරි ආරම්භ කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව තනතුරක් වන මෙම අතිරේක කොමසාරිස් ජනරාල් තනතුරට පත් වූ පළමු අතිරේක කොමසාරිස් ජනරාල් වශයෙන් ද තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා ඉතිහාසයට එක්වුණි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා 2003 පරිපාලන සේවා කණ්ඩායමේ සාමාජිකයෙකු වේ.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් රාජ්‍ය සේවයට එක් වූ මෙතුමා සිය රාජ්‍ය සේවා කාලය තුළ මුදල් අමාත්‍යාංශය, රේගුව වැනි රාජ්‍ය ආයතන කිහිපයක සේවය කළ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වශයෙන් මෙම තනතුරට පත්වීමට පෙර කටයුතු කරන්නට යෙදුණි.
