විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය

October 30, 2025   03:59 pm

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වාදී තිබේ.

‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීම මත හඳුන්වා දුන් ‘1818’ ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මහජනතාවට, දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකියාව පවතී.