කොළඹ DS 'නින්නාද' ත්‍යාග ප්‍රදානය නොවැ: 7 වනදා
October 30, 2025 04:25 pm
'නින්නාද' මාධ්‍ය දින තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමේ 'නින්නාද' මාධ්‍ය දින උත්සවය එළඹෙන නොවැම්බර් 7 වනදා අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි.
විසි වසරක් පුරාවට අභිමානයෙන් යුතුව පවත්වන ලද 'නින්නාද' මාධ්‍ය දින තරගාවලිය මෙවරත් 2025 අගෝස්තු 25 දින ඩී.එස්.සේනානායක විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වුණි.
එහි විනිශ්චයකරුවන් ලෙස මාධ්‍යවේදීන් 50කට අධික ප්‍රමාණයක් සහ තරගකරුවන් ලෙස අංකුර පාසල් ජනමාධ්‍යවේදීන් 2500කට ආසන්න සංඛ්‍යාවක් එක්වී තිබුණි.
සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සංවිධානය කෙරෙන තරගාවලිය මාධ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.
ඒ අනුව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, වැඩසටහන් ඉදිරිපත් කිරීම, හඬ කැවීම, ක්‍රීඩා විස්තර විචාරය, ප්‍රවෘත්ති සංස්කරණය, ග්‍රාෆික නිර්මාණකරණය, ඡායාරූපකරණය, තාක්ෂණික අංශය යන ක්ෂේත්‍ර ඔස්සේ තරග පැවැත්වුණි.
