සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන පුළුල් සාකච්ඡාවක්
October 30, 2025 05:11 pm
මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සකස් කර ගැනීම සඳහා වන "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" රැස්වී තිබේ.
ජනතාවට ගුණාත්මක, ඵලදායි හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සහ ඉදිරි කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතු ආකාරය පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ මෙම රැස්වීම පවත්වා ඇත.
පසුගිය අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා වෙන් කරන ලද මුදල් නියමිත ආකාරයෙන් යොදවා ඇද්ද යන්න පිළිබදවත්, ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්වන මුදල් නිසි සැලසුමකට අනුව යෙදවීම පිළිබඳවත් මෙහි දී අවධානය යොමු ව තිබේ.
